අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ සිංහරාජ තෙත් කලාප වනාන්තරයට යාබදව පිහිටි සුන්දර ගම්මානයක පිහිටි අප කුඩා පාසල ප්‍රදේශයේ දුප්පත් දරුවන් රැසකට අධ්‍යාපනය ලබා දෙමින් වසර 100 කට අධික කාලයක් ප්‍රදේශයේ වැජඹේ.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික , ද්විතියික හා උසස් පෙළ යන අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වේ.
උඩුගම කලාපයට අයත් ග/බටුවංගල මහා විද්‍යාලය 1- 13 දක්වා ශ්‍රේණි ඇත. ප්‍රථමික හා ද්විතිය අංශ වලින් සමන්විත් වන අතර සිසුන් 250 ක් පමණ සිටි අප පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරතවන ගුරුවරුන් 25 දෙනෙකු ද, සංවර්ධන නිලදාරීන් 04 ක්, අධ්‍යන කාර්යමණ්ඩලයේ 04 දෙනෙකු හා ක්‍රීඩා ගුරුවරියක් ද සිටි . මේ සියළු දෙනාම එකසේ කැපවීමෙන් සියලු කටයුතුවල නිරත වේ. විද්‍යාලීය දරුවාගේ නැණ පහන් දල්වන්නට විශාල මෙහෙවරක් ඉටු කරන විද්‍යාලිය පුස්තකාලය අප කලාපයේ පාසල් අතුරින් 02 ස්ථානය ලබාගෙන ඇත. සිසු , සිසුවියන්ගේ තාක්ෂණික දැනුම සංවර්ධනය කරලීමේ අරමුණ ඇතිව පිහිටුවා ඇති පරිගණක විද්‍යාගාරය ද, පාසලට ඇති මනා සම්පත් අතරට එක්ව සිටි විද්‍යාලීය ගණිතාගාරය දරුවන්ට ගණිත දැනුම වර්ධනය කර ගැනීමට ද මෙහෙයක් ඉටු කෙරේ. එමෙන්ම විද්‍යාගාරය හා ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරය දරුවන්ට සිය හැකියාවන් වර්ධන කරලීමට විශාල දායකත්වයක් දරයි. අප විද්‍යාලිය දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා නඟා සිටුවීමේ අරමුණ ඇතිව එම කාර්ය සදහා ක්‍රීඩා ගුරුතුමිය පාසල් කාලයට පෙර සහ ඉන් පසු කාලය ප්‍රයෝජනවත් ලෙස යොදා ගනිමින් සිසුන් පුහුණු කර මෑත කාලයේ ජයග්‍රහණ රැසක් හිමි කරදී ඇත.විද්‍යාලයේ සෞන්දර්ය අංශය දරුවන්ගේ දක්ෂතා හඳුනා ගෙන නැටුම් චිත්‍ර හා සංගීත යන අංශවලින් සිසුන් විෂයගාමීව දෙන දැනුමට අමතරව කලාප මට්ටම් තරඟ දක්වා පුහුණු කර ජයග්‍රහණය කර දීමට මනා පිටිවහලක් වී ඇත.









