වේගවත් අන්තර්ජාල පහසුකම් සමඟ පරිඝනක 15 කින් සමන්විත පරිඝනක විද්‍යාගාරය භාරව කටයුතු කරන්නේ පී.වී.ඉරේෂා ලක්මාලි මියයි. 6 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ද 10 හා 11 ශ්‍රේණි සඳහා තුන්වන විෂය කාණ්ඩයේ ප්‍රධාන විෂයක් ලෙස ඉගැන්වීම් කටයුතු පරිඝනක විද්‍යාගාරය තුල සිදු කරනු ලබයි.2020 වර්ෂයේ සිට උසස් පෙළ විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තෝරාගැනීමට පාසලේ සිසුන්ට ප්‍රථම වතාවට හැකි විය.ඊට අමතරව සාමාන්‍ය තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට පාසලේ සියලුම උසස් පෙළ දරුවන් සඳහා ඉඩකඩ වෙන් වී ඇත.
විෂය ඉගැන්වීමට අමතරව පරිඝණක විද්‍යාගාරය තුල සංගම් දෙකක් පවත්වන් යයි.ICT Club හා Hardware Team ලෙස පවතින මෙම කණ්ඩායම් දෙක පාසලේ පවතින තාක්ෂණික සියලුම කටයුතුවලට සහාය දැක්වීම නිසා අප පාසලේ පරිඝනක අංශය පාසලට අත්‍යවශම අංශය බවට පත් වී ඇත.




