ගා/බටුවන්ගල මහා විද්‍යාලය 1935 දෙසැම්බර් මස 02 වන දින ආරම්භ වි ඇති බවට තොරතුරු ඇතත් ලිඛිතසාක්ෂි ඇත්තේ 1940 සැප්තැම්බර් මස 09 වන දින සිටය.මෙම පාසල ආරම්භයේ සිට 1990 වර්ෂය දක්වා කනිටු විදුහලක්ව පැවති අතර 1988 සිට 1994 දක්වා කාලයේ විදුහල්පති ලෙස කටයුතුකළ එච්.ඩබ්.සුමනසේන මහතා 1990 වර්ෂයේ දී මහා විද්‍යාලයක් බවට පත් කිරිමට කටයුතු කර ඇත.එමෙන්ම අ.පො.ස. උසස් පෙළ අංශය 1990 මැයි 17 වන දින සිට ආරම්භ කරන ලදි.1990 මැයි 25 වන දින දෙමාපිය ධන පරිත්‍යාගයෙන් 15'75' ගොඩනැගිල්ල ඉදි කිරීමට මුල්ගල තබා ඇති අතර එය සිසු අයිතියට 1991.02.08 වන දින පත් කරන ලදි.